සුන්දර සිව්පාවුන්ගෙන් අලංකෘත අපේ දිවයින

Saturday, September 3, 2011 0 comments


ලංකාවේ පවතින්නාවූ ස්වභාවික පාරිසරික වටපිටාව වනසතුන්ට රිසි සේ සක්මන් කිරීමට කදිම තෝතැන්නකිවිවිධ වූ වර්ගයන්ට අයත් සිවුපා සතුන් අප සිත්ගන්නේ නිසඟයෙනි.
වනසතුන්ගේ ජිවිත ආරක්ෂාකරනු වස්,ඔවුන් උදෙසාම වෙන්කළ  පෙදෙස්  පැවතීම ඉතා අගනේය.වස්ගමුව,මින්නේරිය,උඩවලව,යාල,ගල්ඔය, හෝර්ටන්තැන්න ,ලාහුගල ආදී ලෙස ජාතික වනෝද්‍යාන පවතින්නේ උක්ත වූ කරුණ හේතුවෙනි.
මෙකී ජාතික වනෝද්‍යාන ගැන සැලකීමේදී මින්නේරිය ජාතික වනෝද්‍යානය හෙක්ටාර 8900ක්  පුරා පැතිර පවතී.එසේම මෙහි වසන අලින් ගණන 200ක් පමණ වේ.තවද මෙය මනස්කාන්ත වනවියනකින් සමන්විත වීම නිසා ඉතා දුර්ලභ ගණයේ සිවුපාවුන් මෙහි වාසය කරයි.
වස්ගමුව වනෝද්‍යානය හෙක්ටාර 3700 ක් පුරා පවතී.නිවර්තන හා වියලි අතරමැදි කලාපීය ලක්ෂණ පවතින මෙහි හරිත වන උයන අලින්,ගෝනුන්,වලසුන්,වඳුරු වර්ග හා වල්ඌරන් වර්ග සිටී.
උඩවලව වනෝද්යානයද හෙක්ටාර 30,800 කින් යුක්ත වන අතර 400 ක් පමණ වන අලි,විවිධ වර්ගවල ගෝනුන් වාසය කරයි.
යාල වනෝද්යානයද  අලින්,වලසුන්,දිවියන්,මීහරක් වර්ග,වල් ඌරන්,ගෝනුන් ගහණ වූ හෙක්ටාර 129,700 කින් යුතු භූමියකි.   
ගල්ඔය වනෝද්‍යානයද අලින් විශාල ගණනකට සෙවණ සදන භූමියකි.හෝර්ටන්තැන්න වන උයනද තවත් වූ වටිනා වනසතුන් පිරිසකට සෙවණ සදන භූමියකි.මෙය කඳුකර පෙදෙසේ පවතින එකම ජාතික වනෝද්‍යානයයි.  
ලාහුගල වනෝද්‍යානයද අලින් විශාල ගණනකට නවතෙන් සපයන්නාවූ භූමියකි.
වනසතුන්ගේ ලෝකය කොතරම් චමත්කරජනකද යනවග අපිට ඉතා හොදින් පිළිඹිබු වන්නේ අප ගැන සෙවීමේදියි.
මේ වූ සියලුතැන්හි සැරිසැරීමේදී අපට පසක් වන්නේ අපේ දිවයින කොතරම් පුංචි වුවද එහි පවතින්නාවූ පවතින්නාවූ සුන්දරත්වයෙන් නම් මදකුදු පුංචි නොවන බවයි.එය ලාංකිකයන් වන අපට මහත් අභිමානයකි. 
   













































සිංහල ආයුර්වේදය හා සිංහල වෙදකම

0 comments


සිංහල ආයුර්වේදය හා සිංහල වෙදකම වචනයේ පරිසමාප්තයෙන්ම අර්ත දෙකක් දක්වන වචනයන් වේ. "ආයුර්" යනු දීර්ඝ ජීවිතය යන තේරුමද, "වේදය" යනු උසස් දැන ගැනීම යන තෙරුමන්ද එක්වී ආයුර්වේදය යනු ජීවිතය පිළිබඳ උසස් දැන ගැනීම යන්න "ආයුර්වේදයෙහි" තේරුමයි. ශ්රී ලංකාවේ බටහිර වෛද් ක්රමය ඇරුනු විට ආයුර්වේද හා වෙදකම් යනුවෙන්ද වෛද් ක්රම දෙකකි. ශ්රී ලංකාවේ පැවති වෙදකම් අතර සිංහල වෙදකම, ආයුර්වේද වෛද් ක්රමය, සිද්ධා වෛද් ක්රමය, යුනානි වෛද් ක්රමය යනුවෙන් ප්රකට වෛද් ක්රම කිහිපයකි. මේවා බටහිර වෛද් ක්රමය මෙරටට පැමිණීමත් සමඟ වෛකල්පිත හෙවත් දෙවනි වෛද් ක්රමය ලෙස සලකුණු ලබයි.

ආයුර්වේදයෙහි මූලාරම්භය ලෙස සැළකෙන්නේ මහා භාරතයයි. එහි ආරම්භය වෛදික යුගයටත් එහාදිව යන බව දැන්විය හැකිය. ආයුර්වේදය යනු මූලිකවම ස්වාභාවික වෘක්ෂලතා ආදි කොටගත් ස්වභාවික සෞන්දර්ය මූලිකකොට ගෙන සිදුවන වෛද් ක්රමයකි.යම් කිසියම් වූ වෘක්ෂයක් මුල් කොට ගෙන එහි ලා දල්ලේ පටන් කේෂි මුල් දක්වා තිබෙන්නා වූ විවිධ කොටස් ගෙන ඒවා කොටා, පෙරා, තලා සාදාගන්නා ඖෂධයන් මඟින් රෝග සුවපත් කිරීම ආයුර්වේදයයි. වෘක්ෂයක් මුල් කොට ගෙන නිපදවන්නා වූ අරිෂ්ඨ, කල්ක වැනි දේ මෙහි බෙහෙත් ලෙස සලකණු ලබයි.  

මහින්දාගමනයෙන් අප ලත් දායාද අතර ආයුර්වේද වෛද් ක්රමයට ලැබෙන්නේ මූලික ස්ථානයකි. නමුත් ශ්රී ලංකාවේ ආයුර්වේද ක්රමය රාවණා රජ සමයටත් එහා විහිදෙන බව ඉතිහාසයෙහි සඳහන්ව ඇත.රාවණා රජ සමයේ ඉතා දියුණු ආයුර්වේද වෛද් සේවයක් පැවැති බවට ඉතිහාස පොත් වල සඳහන් වේ.     

මහින්දාගමනයත් සමඟ ලැබුණු දායාදයන් අතර ආයුර්වේද වෛද් ශිල්පය අප ලත් මහත් භාග්යකි. එය එදා මෙදා තුර නොව හෙටටත් දායාද කල යුතු වන්නේමය. ඉතිහාසයෙහි යම් යම් රාජ සමයන්හි මෙම වෛද් ක්ෂේත්රයට රාජ් අනුග්රහය පවා ලැබී ඇත. රාජ් වෛද්යවරු, රාජ් රෝහල් පවා තීබී ඇත. රජකමට වඩා හෙදකමට ලැදි කල රජෙකු ලෙස "බුද්ධදාස රජු" හඳුන්වා දිය හැක. එමෙන්ම "මින්නේරිය" හා "මිහින්තලය" රෝහල් (වර්තමානයේ නටඹුන් පමණක් ඇත.) නිදසුන් ලෙස හඳුන්වා දිය හැක.          

සංචාරක ව්‍යාපාරය

0 comments

ඉන්දියානු සාගරයේ මුතු ඇටය යන විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දිවෛනකි.එහි වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් 25000 පමණ වේ.දැනට මෙහි ජනගහනය කොටි කත ආසන්නය.ශ්‍රී ලංකාව ලොව ඇති සුන්දරම පරිසරයක් ඇති රටක් වශයෙන් හැදින්විය හැකිය.ලොව ඇති විවිද දේශගුණයන් කැටි කොට ඇති දේශයක් වශයෙන් මෙරට හැදින්විය හැකිය.මධ්‍යම කදුකරය ශීත දේශගුණයෙන් උක්ත වන අතර ,රටේ දකුණු සහ බටහිර දිග ප්‍රදේශ වල අත්ත්තේ සම ශීතොශ්න දේශගුණයකි.උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වියලි දේශගුණයකින් යුක්තයි.ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත් අතින්ද අනුන රටකි. මධ්‍යම කදුකරයෙන් පටන් ගෙන රටේ සිව් දෙසට ගලා බස්නා ඇළ දොළ ආදිය නිසා ජල සම්පතින්ද පොහොසත්ව ඇති ශ්‍රී ලංකාව මුළු වසර පුරාම හිරු එලින්ද අනුනව පවතී .දිවයින වට ඇති මුහුදෙහි මත්ස්‍ය සම්පතට අමතරව මුතු බෙල්ලන් වැනි වටිනා සම්පත් වලින්ද ගහනය.

මේ සියලු හේතු කරන සැලකිල්ලට භාජනය කරන කල අප රට සංචාරක කර්මාන්තය සදහා තෝතැන්නක් ලෙස සැලකිය හැක. විදේශිකයන් අපරට සංචාරය කලේ ඈත අතීතයේ සිටය.ඉබන්බතුත, මාර්කෝපෝලෝ,පාහියන් වැනි අතීත සංචාරකයෝ මේ රට මහත් අභිරුචියකින් වර්ණනා කල අතර, බොහෝ ඓතිහාසික සිදුවීම් ද වාර්තා කර තිබුණි. එහෙත් සංචාරක ව්‍යාපරය ආදායම් උපදවන මාර්ගයක් බවට පත් වුයේ මෑත කාලයේදීය. ක්‍රි.ව 1966දී සංචාරක මණ්ඩලය පිහිටු වීමෙන් පසුව මෙරට සංචාරක ව්‍යාපරය විදේශ විනිමය උපදවන මාර්ගයක් බවට පත් විය.අමුද්‍රව්‍ය හා යාන්ත්‍රසුත්‍ර මත නොපිහිට ස්වභාවික සෞන්දර්ය මත රද පවතින්න වූ කර්මාන්තයක් නිසා සුළු ආයාසයකින් වෙඩි මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි වීමත්, රැකියා ප්‍රශ්නයට මේ මාර්ගයෙන් සැහෙන විසදුමක් ලැබීම නිසාත් අපරට සංචාරක ව්‍යාපාරයේ සිත් ඇද ගන්නා ලාබදායි ව්‍යාපාරයක් බවත පත්ව ඇත.

සංචාරක ව්‍යාපාරය ආරම්බ කල යුගයේ සංචාරකයන් උදෙසා තනවා තිබු කාමර 250 හෝ ප්‍රමාණය ඇද සුබෝපභෝගී කාමර 20,000 ඉක්මවා ඇත. ආගන්තුක නිවස,පෞද්ගලික කාමර,විශේෂ අවන්හල් ආදීය ඒවායේ සුබෝපභෝගී ආකාරයට පිළියෙළ කර ඇත. පුරණ සිංහල රජවරුන්ගේ කාලයේ ඇදුම් පෙලදුමෙන් සැරසුණු සේවක සේවිකවන්ගෙන්ද පිරි ඒ කාලයේ ආහාර වලින් සපිරුණු හෝටල් දෙන ඉදිකොට ඇත.ලොව ප්‍රකට ඔබරෝයි,ටජ්සමුද්‍ර,ගලදාරි,හිල්ටන් වැනි ප්‍රසිද්ධ හෝටල් සමාගම් පවා මේ රටේ ඇති කිරීමෙන් සංචාරක

ව්‍යාපාරය ගෙනට ලබා ඇති දියුණුව අවබෝධ වේ. දේශීය හා විදේශීය සංචරකින්ට නොයෙක් පහසුකම් සංචාරක මණ්ඩලය විසින් සලසා දී ඇත.අනුරාධපුරය,පොලොන්නරුව,පාසිකුඩා,මන්නාරම්,ත්රිකුණාමලය,මඩකලපුව,ආදී ප්‍රදේශවල පහසු මිලට නවාතෙන් සපයන අත්‍යාලංකාර හෝටල් සංකීර්ණ ආරම්භකර ඇත.

"වාසනාවන්ත රටක්, උණුසුම් ජලය සහිත මුහුදු වෙරලක්, පළාවන් පෙහෙයෙන් බබලන භුමි ප්‍රදේශයක් ඔබට ඉතා දීර්ඝ ගුවන් ගමනක අපහතුව විද දරාගත හැකි නම් මිහිබට සුරඟන ලෝකය දැක ගෙනිමේ වාසනාව උදාවනු ඇත." මේ විදේශ රටවල ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වී ඇති ආකාරයයි.නිල්වන් වනපෙත්,කදු ශිකරවලින් ඇදහැලෙන රිදී දිය ඇලි,මුදු සිනිදු වැලිතලා, ශාන්ත නිසසල ත්පොභුමි, ඓතිහාසික නටබුන් නගර,සිත් සමාධි ගතකරවන පුජනිය භුමි,මිහිදුම් සළු පොරවාගත් සහිත කදුකරය,නං විසිතුරු සතුන් ජිවත් වන අභයභුමි,සාගර පරයන වැව් හා හදවතින් ම පෙන නගින අවංක සිනහව සහිත ආගන්තුක සත්කාර, මේ රටට පෙමිණෙන විදෙශිකිගේ සිත් ඇදගන්න විශේෂ ලක්ෂණ වී ඇත. මේ වන විට රුපියල් කොටි 300 කට අධික මුදලක් විදේශ විනිමය ලෙස සංචාරක කර්මාන්තය තුලින් වාර්ෂිකව මේ රටට ගල එන බව ගණන් බල ඇත.විදෙහ්ස විනිමය පිළිබද ප්‍රශ්න වලින් හෙම්බත් වී ඇති ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය වෙස්වලාගත් ආශීර්වාදයකි.

ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර හා සිංහරාජය

Friday, September 2, 2011 0 comments

පෘතුවී ගෝලයේ සමකයට ආසන්න ඉහල උෂ්නත්වය හා ව්‍යාප්ත වූ වර්ෂාපතනයක් සහිත සුදුසු පාංශු තත්වයන් ඇති රටවල වැසි වන්තර දක්නට ලැබේ.ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මි.මී 2500-5000 දක්වවේ. උෂ්ණත්වය සෙන්ටිග්‍රඩ් අංශක 27-30 දක්වා වේ. නමුත් කදුකර ප්‍රදේශයේ මෙය සෙන්ටිග්‍රඩ් අංශක 16-17 දක්වවේ.

මෙම වැසි වනාන්තර ස්වභාවික ශාක ප්‍රජාවන්ගෙන් අනුන වන අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයේ වර්ග කි.මී 22500 ක පමණ ප්‍රදේශයක් ආවරණය කරයි. එමෙන්ම පහතරට තෙත් අර්ධ ප්‍රදේශයේ මි. 1000 ක් දක්වා වූ ප්‍රදේශවල මෙන්ම, ඉහල කදුකරයේ මීටර් 1000 සිට 2500 දක්වා සිසිල් ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වී ඇත.සිංරජයට පහතරට තෙත් කලාපයේ රක්වාන කදු පන්තියේ ඉතා උසවු කදු පන්ති හා සානු අයත් වේ. මෙය ශ්‍රී ලංකාවේ ඇති විශාලත්වයෙන් වැඩ අවම මිනිස් බලබෙමකට ලක්වූ ප්‍රධාන වනය ලෙස සෙලකේ.


ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර වල මරිනාමය

වසර මිලියන 150-200 කට පමණ පෙර නිවර්තන වැසි වනාන්තර "ඇමසෝනියන් ","අප්‍රිකානු" හා ඈත පෙරදිග වශයෙන් කන්ද තුනක් තීරු ලෙස පෙතිර පෙවතුනි. පසුව මෙම වනාන්තර කුඩා ප්‍රදේශ වලට පමණක් සීම විය.මෙහි මාධ්‍ය ගත ප්‍රදේශය වුයේ මලයාසියානු රටවල සිට නැගෙනහිරට විහිදුනු නවගිනියව වේ. මෙම වනාන්තර වල සමාන රූපී ජෛව ලක්ෂණ මෙන්ම එක් එක් රටවලට හා එම වනාන්තරවලට ආවේනික වූ ගති ලක්ෂණ පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ වනාන්තරවල ආවේනික වූ ශාක හා සත්ව විශේෂ බිහිවීමට මෙන්ම අසාමාන්‍ය ආවේනික තාවයට මුල්වූ හේතු, භූගර්භ විද්‍යාත්මක ඉතිහාසය අධ්‍යන කරන විට මනාව පෙහැදිලි වේ. භූගර්භ විද්‍යාත්මක පෙලසොයික්(Paleozoic) සමයේදී ශ්‍රී ලංකාවද දක්ෂිණ අර්ධද්වීපයේ එනම් ගොන්ඩ්වනා බිම්(Gondwana land) වල කොටසක් විය. වසර මිලියන 140 පමණ පෙර මෙම අර්ධද්වීපය බිදී යාමට පටන් ගත් අතර වසර මිලියන 55 කට පමණ පෙර ක්‍රිටෙශියස් (Cretaceous) සමයේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව මෙම අර්ධද්වීපයෙන් වෙන්විය.

මෙය "Deccan plate" නමින් පසුව හදුන්වන ලද අතර සමකය දෙසට තල්ලු වී එය ලොරෙසියාවට සම්බන්ධ විය. මෙම ප්‍රදේශයේ දේශගුණික තත්වයන් නිවර්තන ප්‍රදේශ වල අවේනික ලක්ෂණ වලින් හෙබි ශාක හා සත්ව ප්‍රජාවන් බිහි විය. එහෙත් මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වූ දේශගුණික වෙනස් කම්,සාගර ජල උච්චාවචනය වීම හා ගිලා බෙසිම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් විය. මෙය වසර මිලියන 20 කට පමණ පෙර සිදු වූ බව විශ්වාස කෙරේ. දේශගුණික සාධකවල නිරන්තර තෙත් හා වියලි සිසිල් ඝන තත්වයන් යටතේ සිදු වූ නිශ්චල තාවය හේතුකොට ගෙන ලංකාවේ වැසි වනාන්තර අද පෙතිර ඇති නිරිත දිග ප්‍රදේශවලට පමණක් සිමා විය.

ඉහත හේතු මත ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ දක්නට ලැබෙන සත්ව හා ශාක විශේෂ ගොන්ඩ්වනා හා ඩෙකෙන් කලාපයේ දක්නට ලෙබෙන සත්ව හා ශාක විශේෂ හා ඉතා සමීප සම්බන්ධතාවයක් පෙනවයි. සමහර විශේෂයන් පරිනාමයට භාජනය වී තවත් විශේෂ බිහි වී ඇති අතර තවත් විශේෂ කිසිදු වෙනසකට භාජනය නොවී මුල් ලක්ෂණ සහිතව දකනට ලැබේ. තවද මෙස්කරීන් දුපත්, මැඩගස්කරය, ෂිසෙල්ස්,අන්දමන් දුපත් ආදියේ දක්නට ලෙබෙන වැසි වනාන්තර හා අප්‍රිකානු හා දකුණු - නැගෙනහිර ආසියානු රටවල්, ශ්‍රීලංකාවේ වැසි වනාන්තර අතර යම් සමාන ලක්ෂණ පෙන්නුම් කරයි.

වර්තමාන තත්වය

ශ්‍රී ලංකාවේ ද අනෙකුත් ඝර්ම කලාපිය රටවල් මෙන් ජනගහන වර්ධනයත් සමග දැඩි ලෙස වනාන්තර කෙරෙහි ඇති බලපෑම වෙඩි වී ඇත. අතීතයේ වෙරළබඩ ප්‍රදේශ හෙරුණු විට දකුණු දිග ප්‍රදේශ අද මෙන් එතරම් ජනගහනයෙන් උක්ත නොවිය.18 වන ශත වර්ෂයෙන් පසු මෙම ප්‍රදේශ වල ජනගහනය සීග්‍රයෙන් වෙදිවිය. මෙතකදී කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ ඇති නොඉදුල් වනාන්තර ප්‍රමාණය 1.5% ක් පමණ වේ. තෙත් කලාපයේ ඇති වනාන්තර ප්‍රමාණය ඉඩම් ප්‍රමාණයට සාපේක්ෂව 9% ක් පමණ වේ. එසේ වුවත් ඒවා පිහිට ඇත්තේ තෙත් කලාපය පුර විසිරුණු වනාන්තර කුට්ටි වශයෙනි.

නිවර්තන වැසී වනාන්තර ඝනයට ගැනෙන තෙත් කලාපයේ ඇති මුළු වනාන්තර ප්‍රමාණය හෙක් 47370 ක් පමණ වේ. ඒවා වැඩි ප්‍රමාණයක් සිංහරාජයට අයත් ප්‍රදේශට හා එයට යාබදව වනාන්තර වලට ඇතුලත් වේ.මොරපිටිය,රුනකන්ද,පරගල,දෙල්ලව,දියදාව යන රක්ෂිතයන් මේවාට අයත් වේ. ,මෙලෙස සිංහරාජ කාණ්ඩයට ගෙනෙන තෙත් කලාපයේ ඇති වනාන්තර ප්‍රමාණය තෙත් කලාපයේ මුළු වනාන්තර ප්‍රමාණයෙන් 43% ක් වේ.සිංහරාජය පමණක් 10-11 % ක් පමණ මෙයට දායක වේ.

හේන් ගොවොතෙන,තේ වගාව,මැණික් ගැරීම,අනවසර දව කැපීම,අනවසර පදින්චිවීම්,දඩයම් කිරීම්, ආදිය තෙත් කලාපිය වනාන්තර මුහුණ ඩි ඇති ප්‍රදාන තර්ජනයන් වේ.සිංහරාජයද කාලයකට ඉහත දී දැඩි ලෙස මෙම තත්වයට මුහුණ දී තිබුණි. අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති පුළුල් සංරක්ෂණ වේදසටහන් හේතුවෙන් මෙම තත්වය මුළුමනින්ම පහේ මැඩ පවත්වා ඇත.

 
Ceylon © 2011 | Designed by Isuru Namal Gajanayake WISDOM PRO BLOG DEVELOPING TEAM, in collaboration with IJTS, මිහින්ලංකා|Mihinlanka and Movie Tickets