සංචාරක ව්‍යාපාරය

Saturday, September 3, 2011

ඉන්දියානු සාගරයේ මුතු ඇටය යන විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දිවෛනකි.එහි වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් 25000 පමණ වේ.දැනට මෙහි ජනගහනය කොටි කත ආසන්නය.ශ්‍රී ලංකාව ලොව ඇති සුන්දරම පරිසරයක් ඇති රටක් වශයෙන් හැදින්විය හැකිය.ලොව ඇති විවිද දේශගුණයන් කැටි කොට ඇති දේශයක් වශයෙන් මෙරට හැදින්විය හැකිය.මධ්‍යම කදුකරය ශීත දේශගුණයෙන් උක්ත වන අතර ,රටේ දකුණු සහ බටහිර දිග ප්‍රදේශ වල අත්ත්තේ සම ශීතොශ්න දේශගුණයකි.උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වියලි දේශගුණයකින් යුක්තයි.ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත් අතින්ද අනුන රටකි. මධ්‍යම කදුකරයෙන් පටන් ගෙන රටේ සිව් දෙසට ගලා බස්නා ඇළ දොළ ආදිය නිසා ජල සම්පතින්ද පොහොසත්ව ඇති ශ්‍රී ලංකාව මුළු වසර පුරාම හිරු එලින්ද අනුනව පවතී .දිවයින වට ඇති මුහුදෙහි මත්ස්‍ය සම්පතට අමතරව මුතු බෙල්ලන් වැනි වටිනා සම්පත් වලින්ද ගහනය.

මේ සියලු හේතු කරන සැලකිල්ලට භාජනය කරන කල අප රට සංචාරක කර්මාන්තය සදහා තෝතැන්නක් ලෙස සැලකිය හැක. විදේශිකයන් අපරට සංචාරය කලේ ඈත අතීතයේ සිටය.ඉබන්බතුත, මාර්කෝපෝලෝ,පාහියන් වැනි අතීත සංචාරකයෝ මේ රට මහත් අභිරුචියකින් වර්ණනා කල අතර, බොහෝ ඓතිහාසික සිදුවීම් ද වාර්තා කර තිබුණි. එහෙත් සංචාරක ව්‍යාපරය ආදායම් උපදවන මාර්ගයක් බවට පත් වුයේ මෑත කාලයේදීය. ක්‍රි.ව 1966දී සංචාරක මණ්ඩලය පිහිටු වීමෙන් පසුව මෙරට සංචාරක ව්‍යාපරය විදේශ විනිමය උපදවන මාර්ගයක් බවට පත් විය.අමුද්‍රව්‍ය හා යාන්ත්‍රසුත්‍ර මත නොපිහිට ස්වභාවික සෞන්දර්ය මත රද පවතින්න වූ කර්මාන්තයක් නිසා සුළු ආයාසයකින් වෙඩි මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි වීමත්, රැකියා ප්‍රශ්නයට මේ මාර්ගයෙන් සැහෙන විසදුමක් ලැබීම නිසාත් අපරට සංචාරක ව්‍යාපාරයේ සිත් ඇද ගන්නා ලාබදායි ව්‍යාපාරයක් බවත පත්ව ඇත.

සංචාරක ව්‍යාපාරය ආරම්බ කල යුගයේ සංචාරකයන් උදෙසා තනවා තිබු කාමර 250 හෝ ප්‍රමාණය ඇද සුබෝපභෝගී කාමර 20,000 ඉක්මවා ඇත. ආගන්තුක නිවස,පෞද්ගලික කාමර,විශේෂ අවන්හල් ආදීය ඒවායේ සුබෝපභෝගී ආකාරයට පිළියෙළ කර ඇත. පුරණ සිංහල රජවරුන්ගේ කාලයේ ඇදුම් පෙලදුමෙන් සැරසුණු සේවක සේවිකවන්ගෙන්ද පිරි ඒ කාලයේ ආහාර වලින් සපිරුණු හෝටල් දෙන ඉදිකොට ඇත.ලොව ප්‍රකට ඔබරෝයි,ටජ්සමුද්‍ර,ගලදාරි,හිල්ටන් වැනි ප්‍රසිද්ධ හෝටල් සමාගම් පවා මේ රටේ ඇති කිරීමෙන් සංචාරක

ව්‍යාපාරය ගෙනට ලබා ඇති දියුණුව අවබෝධ වේ. දේශීය හා විදේශීය සංචරකින්ට නොයෙක් පහසුකම් සංචාරක මණ්ඩලය විසින් සලසා දී ඇත.අනුරාධපුරය,පොලොන්නරුව,පාසිකුඩා,මන්නාරම්,ත්රිකුණාමලය,මඩකලපුව,ආදී ප්‍රදේශවල පහසු මිලට නවාතෙන් සපයන අත්‍යාලංකාර හෝටල් සංකීර්ණ ආරම්භකර ඇත.

"වාසනාවන්ත රටක්, උණුසුම් ජලය සහිත මුහුදු වෙරලක්, පළාවන් පෙහෙයෙන් බබලන භුමි ප්‍රදේශයක් ඔබට ඉතා දීර්ඝ ගුවන් ගමනක අපහතුව විද දරාගත හැකි නම් මිහිබට සුරඟන ලෝකය දැක ගෙනිමේ වාසනාව උදාවනු ඇත." මේ විදේශ රටවල ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වී ඇති ආකාරයයි.නිල්වන් වනපෙත්,කදු ශිකරවලින් ඇදහැලෙන රිදී දිය ඇලි,මුදු සිනිදු වැලිතලා, ශාන්ත නිසසල ත්පොභුමි, ඓතිහාසික නටබුන් නගර,සිත් සමාධි ගතකරවන පුජනිය භුමි,මිහිදුම් සළු පොරවාගත් සහිත කදුකරය,නං විසිතුරු සතුන් ජිවත් වන අභයභුමි,සාගර පරයන වැව් හා හදවතින් ම පෙන නගින අවංක සිනහව සහිත ආගන්තුක සත්කාර, මේ රටට පෙමිණෙන විදෙශිකිගේ සිත් ඇදගන්න විශේෂ ලක්ෂණ වී ඇත. මේ වන විට රුපියල් කොටි 300 කට අධික මුදලක් විදේශ විනිමය ලෙස සංචාරක කර්මාන්තය තුලින් වාර්ෂිකව මේ රටට ගල එන බව ගණන් බල ඇත.විදෙහ්ස විනිමය පිළිබද ප්‍රශ්න වලින් හෙම්බත් වී ඇති ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය වෙස්වලාගත් ආශීර්වාදයකි.

0 comments:

Post a Comment

 
Ceylon © 2011 | Designed by Isuru Namal Gajanayake WISDOM PRO BLOG DEVELOPING TEAM, in collaboration with IJTS, මිහින්ලංකා|Mihinlanka and Movie Tickets