සුන්දර සිව්පාවුන්ගෙන් අලංකෘත අපේ දිවයින

Saturday, September 3, 2011


ලංකාවේ පවතින්නාවූ ස්වභාවික පාරිසරික වටපිටාව වනසතුන්ට රිසි සේ සක්මන් කිරීමට කදිම තෝතැන්නකිවිවිධ වූ වර්ගයන්ට අයත් සිවුපා සතුන් අප සිත්ගන්නේ නිසඟයෙනි.
වනසතුන්ගේ ජිවිත ආරක්ෂාකරනු වස්,ඔවුන් උදෙසාම වෙන්කළ  පෙදෙස්  පැවතීම ඉතා අගනේය.වස්ගමුව,මින්නේරිය,උඩවලව,යාල,ගල්ඔය, හෝර්ටන්තැන්න ,ලාහුගල ආදී ලෙස ජාතික වනෝද්‍යාන පවතින්නේ උක්ත වූ කරුණ හේතුවෙනි.
මෙකී ජාතික වනෝද්‍යාන ගැන සැලකීමේදී මින්නේරිය ජාතික වනෝද්‍යානය හෙක්ටාර 8900ක්  පුරා පැතිර පවතී.එසේම මෙහි වසන අලින් ගණන 200ක් පමණ වේ.තවද මෙය මනස්කාන්ත වනවියනකින් සමන්විත වීම නිසා ඉතා දුර්ලභ ගණයේ සිවුපාවුන් මෙහි වාසය කරයි.
වස්ගමුව වනෝද්‍යානය හෙක්ටාර 3700 ක් පුරා පවතී.නිවර්තන හා වියලි අතරමැදි කලාපීය ලක්ෂණ පවතින මෙහි හරිත වන උයන අලින්,ගෝනුන්,වලසුන්,වඳුරු වර්ග හා වල්ඌරන් වර්ග සිටී.
උඩවලව වනෝද්යානයද හෙක්ටාර 30,800 කින් යුක්ත වන අතර 400 ක් පමණ වන අලි,විවිධ වර්ගවල ගෝනුන් වාසය කරයි.
යාල වනෝද්යානයද  අලින්,වලසුන්,දිවියන්,මීහරක් වර්ග,වල් ඌරන්,ගෝනුන් ගහණ වූ හෙක්ටාර 129,700 කින් යුතු භූමියකි.   
ගල්ඔය වනෝද්‍යානයද අලින් විශාල ගණනකට සෙවණ සදන භූමියකි.හෝර්ටන්තැන්න වන උයනද තවත් වූ වටිනා වනසතුන් පිරිසකට සෙවණ සදන භූමියකි.මෙය කඳුකර පෙදෙසේ පවතින එකම ජාතික වනෝද්‍යානයයි.  
ලාහුගල වනෝද්‍යානයද අලින් විශාල ගණනකට නවතෙන් සපයන්නාවූ භූමියකි.
වනසතුන්ගේ ලෝකය කොතරම් චමත්කරජනකද යනවග අපිට ඉතා හොදින් පිළිඹිබු වන්නේ අප ගැන සෙවීමේදියි.
මේ වූ සියලුතැන්හි සැරිසැරීමේදී අපට පසක් වන්නේ අපේ දිවයින කොතරම් පුංචි වුවද එහි පවතින්නාවූ පවතින්නාවූ සුන්දරත්වයෙන් නම් මදකුදු පුංචි නොවන බවයි.එය ලාංකිකයන් වන අපට මහත් අභිමානයකි. 
   













































0 comments:

Post a Comment

 
Ceylon © 2011 | Designed by Isuru Namal Gajanayake WISDOM PRO BLOG DEVELOPING TEAM, in collaboration with IJTS, මිහින්ලංකා|Mihinlanka and Movie Tickets