ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර හා සිංහරාජය

Friday, September 2, 2011

පෘතුවී ගෝලයේ සමකයට ආසන්න ඉහල උෂ්නත්වය හා ව්‍යාප්ත වූ වර්ෂාපතනයක් සහිත සුදුසු පාංශු තත්වයන් ඇති රටවල වැසි වන්තර දක්නට ලැබේ.ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මි.මී 2500-5000 දක්වවේ. උෂ්ණත්වය සෙන්ටිග්‍රඩ් අංශක 27-30 දක්වා වේ. නමුත් කදුකර ප්‍රදේශයේ මෙය සෙන්ටිග්‍රඩ් අංශක 16-17 දක්වවේ.

මෙම වැසි වනාන්තර ස්වභාවික ශාක ප්‍රජාවන්ගෙන් අනුන වන අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයේ වර්ග කි.මී 22500 ක පමණ ප්‍රදේශයක් ආවරණය කරයි. එමෙන්ම පහතරට තෙත් අර්ධ ප්‍රදේශයේ මි. 1000 ක් දක්වා වූ ප්‍රදේශවල මෙන්ම, ඉහල කදුකරයේ මීටර් 1000 සිට 2500 දක්වා සිසිල් ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වී ඇත.සිංරජයට පහතරට තෙත් කලාපයේ රක්වාන කදු පන්තියේ ඉතා උසවු කදු පන්ති හා සානු අයත් වේ. මෙය ශ්‍රී ලංකාවේ ඇති විශාලත්වයෙන් වැඩ අවම මිනිස් බලබෙමකට ලක්වූ ප්‍රධාන වනය ලෙස සෙලකේ.


ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර වල මරිනාමය

වසර මිලියන 150-200 කට පමණ පෙර නිවර්තන වැසි වනාන්තර "ඇමසෝනියන් ","අප්‍රිකානු" හා ඈත පෙරදිග වශයෙන් කන්ද තුනක් තීරු ලෙස පෙතිර පෙවතුනි. පසුව මෙම වනාන්තර කුඩා ප්‍රදේශ වලට පමණක් සීම විය.මෙහි මාධ්‍ය ගත ප්‍රදේශය වුයේ මලයාසියානු රටවල සිට නැගෙනහිරට විහිදුනු නවගිනියව වේ. මෙම වනාන්තර වල සමාන රූපී ජෛව ලක්ෂණ මෙන්ම එක් එක් රටවලට හා එම වනාන්තරවලට ආවේනික වූ ගති ලක්ෂණ පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ වනාන්තරවල ආවේනික වූ ශාක හා සත්ව විශේෂ බිහිවීමට මෙන්ම අසාමාන්‍ය ආවේනික තාවයට මුල්වූ හේතු, භූගර්භ විද්‍යාත්මක ඉතිහාසය අධ්‍යන කරන විට මනාව පෙහැදිලි වේ. භූගර්භ විද්‍යාත්මක පෙලසොයික්(Paleozoic) සමයේදී ශ්‍රී ලංකාවද දක්ෂිණ අර්ධද්වීපයේ එනම් ගොන්ඩ්වනා බිම්(Gondwana land) වල කොටසක් විය. වසර මිලියන 140 පමණ පෙර මෙම අර්ධද්වීපය බිදී යාමට පටන් ගත් අතර වසර මිලියන 55 කට පමණ පෙර ක්‍රිටෙශියස් (Cretaceous) සමයේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව මෙම අර්ධද්වීපයෙන් වෙන්විය.

මෙය "Deccan plate" නමින් පසුව හදුන්වන ලද අතර සමකය දෙසට තල්ලු වී එය ලොරෙසියාවට සම්බන්ධ විය. මෙම ප්‍රදේශයේ දේශගුණික තත්වයන් නිවර්තන ප්‍රදේශ වල අවේනික ලක්ෂණ වලින් හෙබි ශාක හා සත්ව ප්‍රජාවන් බිහි විය. එහෙත් මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වූ දේශගුණික වෙනස් කම්,සාගර ජල උච්චාවචනය වීම හා ගිලා බෙසිම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් විය. මෙය වසර මිලියන 20 කට පමණ පෙර සිදු වූ බව විශ්වාස කෙරේ. දේශගුණික සාධකවල නිරන්තර තෙත් හා වියලි සිසිල් ඝන තත්වයන් යටතේ සිදු වූ නිශ්චල තාවය හේතුකොට ගෙන ලංකාවේ වැසි වනාන්තර අද පෙතිර ඇති නිරිත දිග ප්‍රදේශවලට පමණක් සිමා විය.

ඉහත හේතු මත ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ දක්නට ලැබෙන සත්ව හා ශාක විශේෂ ගොන්ඩ්වනා හා ඩෙකෙන් කලාපයේ දක්නට ලෙබෙන සත්ව හා ශාක විශේෂ හා ඉතා සමීප සම්බන්ධතාවයක් පෙනවයි. සමහර විශේෂයන් පරිනාමයට භාජනය වී තවත් විශේෂ බිහි වී ඇති අතර තවත් විශේෂ කිසිදු වෙනසකට භාජනය නොවී මුල් ලක්ෂණ සහිතව දකනට ලැබේ. තවද මෙස්කරීන් දුපත්, මැඩගස්කරය, ෂිසෙල්ස්,අන්දමන් දුපත් ආදියේ දක්නට ලෙබෙන වැසි වනාන්තර හා අප්‍රිකානු හා දකුණු - නැගෙනහිර ආසියානු රටවල්, ශ්‍රීලංකාවේ වැසි වනාන්තර අතර යම් සමාන ලක්ෂණ පෙන්නුම් කරයි.

වර්තමාන තත්වය

ශ්‍රී ලංකාවේ ද අනෙකුත් ඝර්ම කලාපිය රටවල් මෙන් ජනගහන වර්ධනයත් සමග දැඩි ලෙස වනාන්තර කෙරෙහි ඇති බලපෑම වෙඩි වී ඇත. අතීතයේ වෙරළබඩ ප්‍රදේශ හෙරුණු විට දකුණු දිග ප්‍රදේශ අද මෙන් එතරම් ජනගහනයෙන් උක්ත නොවිය.18 වන ශත වර්ෂයෙන් පසු මෙම ප්‍රදේශ වල ජනගහනය සීග්‍රයෙන් වෙදිවිය. මෙතකදී කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ ඇති නොඉදුල් වනාන්තර ප්‍රමාණය 1.5% ක් පමණ වේ. තෙත් කලාපයේ ඇති වනාන්තර ප්‍රමාණය ඉඩම් ප්‍රමාණයට සාපේක්ෂව 9% ක් පමණ වේ. එසේ වුවත් ඒවා පිහිට ඇත්තේ තෙත් කලාපය පුර විසිරුණු වනාන්තර කුට්ටි වශයෙනි.

නිවර්තන වැසී වනාන්තර ඝනයට ගැනෙන තෙත් කලාපයේ ඇති මුළු වනාන්තර ප්‍රමාණය හෙක් 47370 ක් පමණ වේ. ඒවා වැඩි ප්‍රමාණයක් සිංහරාජයට අයත් ප්‍රදේශට හා එයට යාබදව වනාන්තර වලට ඇතුලත් වේ.මොරපිටිය,රුනකන්ද,පරගල,දෙල්ලව,දියදාව යන රක්ෂිතයන් මේවාට අයත් වේ. ,මෙලෙස සිංහරාජ කාණ්ඩයට ගෙනෙන තෙත් කලාපයේ ඇති වනාන්තර ප්‍රමාණය තෙත් කලාපයේ මුළු වනාන්තර ප්‍රමාණයෙන් 43% ක් වේ.සිංහරාජය පමණක් 10-11 % ක් පමණ මෙයට දායක වේ.

හේන් ගොවොතෙන,තේ වගාව,මැණික් ගැරීම,අනවසර දව කැපීම,අනවසර පදින්චිවීම්,දඩයම් කිරීම්, ආදිය තෙත් කලාපිය වනාන්තර මුහුණ ඩි ඇති ප්‍රදාන තර්ජනයන් වේ.සිංහරාජයද කාලයකට ඉහත දී දැඩි ලෙස මෙම තත්වයට මුහුණ දී තිබුණි. අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති පුළුල් සංරක්ෂණ වේදසටහන් හේතුවෙන් මෙම තත්වය මුළුමනින්ම පහේ මැඩ පවත්වා ඇත.

0 comments:

Post a Comment

 
Ceylon © 2011 | Designed by Isuru Namal Gajanayake WISDOM PRO BLOG DEVELOPING TEAM, in collaboration with IJTS, මිහින්ලංකා|Mihinlanka and Movie Tickets