සොඳුරු වූ අපේ මව්බිම....

Tuesday, August 30, 2011

ලංකාව යනු අපරදිග සේම පෙරදිග විදේශිකයන්ගේ සිත් දිනාගත් ඉන්දියන් සාගරයේ ඉන්දියාවට යාබදව පිහිටි කුඩා ලස්සන රටකි.මෙම රටෙහි ඇති සොබාදහමේ අලංකාරය,දේශගුණික කලාප වල ඇති වෙනස්කම් වෙන කිසිම රටක නොමැති තරම්ය .මන්ද අප රට කුඩා උවද දේශගුණික කලාප වෙන් වෙන් ව  පවතින බැවිනි.පැය 3,4 වැනි කාලයක තුල සීත දේශගුණයක සිට උණුසුම් දේශගුණයකට මාරු වීමේ හැකියාවක් මේ රට තුල පවතින බෙවිනි .ඍතු මාරු වෙන තෙක් බලා සිටීමට අවශ්‍ය වන්නේද නැත .මේ පැවසුවේ රටේ ඇති දේශගුණික කලාප ගෙන ය..මෙහි සොබාදහම මේ සියලුම දේට වඩා බහෙවින් සිත් ගන්නා සුළු වෙයි .සොබාදහම අතින් ගත් කල මෙහි වනාන්තර ,දිය ඇලි,උස කදුමුදුන් ,පුරාණ ඉතිහාසික  සිධ්දස්ථාන වෙනි දේවල් වලින් පිරුණු රටකි ,මේ රටටම අවේනික ශාක ,සතුන් දේවල් වලින්ද මේ රට මනා ලෙස පොහොසත්  වෙයි.මේවා සංචාරක සිත් ඇදගන්න කරනා වී හමාරය.මේ කරුණු අතර දිය ඇලි ,වනාන්තර වැනි දේවල් මෙරට පමණක් නොව මුළු ලෝකෙයක් දන්නා දේවල් වී හමාරය.සිංහරාජ වනාන්තර ලෝක උරුමයක් බවට පත් කරන්නේ 2003 දිය.මෙරට ඇති දේවල් මේ රටට පමණක් නොව මුළු මහත් ලෝකයකටම වටිනා දේවල් වෙන්නේ මීට කලකට ඉහත දීය.මෙරට තුල ඇති සුන්දරත්වය විදහා පාන අනෙක් කරුණ වනුයේ කඩහෙලන දිය පහරවල් හෙවත් දිය ඇලි වෙයි .මෙරට සුන්දරත්වය වැඩිම  දිය ඇලි කිහිපයක් නම් බබරකන්ද ,බෝපත් ඇල්ල,දුන්හිද ඇල්ල යන දිය ඇලි මේවා අතර  පෙරමුණ ගන්නා ඒවා වෙයි. මේවා යේ සුන්දරත්වය කොතරම්ද කිව්ව හොත් මෙරටට පැමිණෙන සංචාරකයන් මේ ස්ථාන වලින් 2,ක් වත් බලා සතුටු වීම සිදුවේ .අනෙක කරුණ වෙනුයේ සිංහරාජ වනාන්තරයේ ඇති මෙරටට අවේනික ඉතා දුර්ලබ ශාක සහ සතුන් වෙයි.මේ අතර අපරදිග වෛද්‍ය කර්මාන්තයට අවශ්‍ය කරනා ඉතා දුරලබ ඔෂද මෙම වනාන්තරය තුල ඇත.මෙම රට තුල කනිජ සම්පත් අතින්ද අඩුවක් නොවේ.සිලිකා,යපස් ,ටිටෙනියම් වෙනි කනිජ අප රට තුල පැවතීම අප රටේ සුන්දරත්වය සේම වටිනාකමක්ද එක්කරනු ලබයි .ඉතා වටිනා පාෂාණ වර්ගයක් ලෙස හැදින්වෙන මැණික් අප රටේ රත්නපුර සිමාවේ අසීමිතව ඇතයි කියන සම්පතකි .තවද අප රට තුල සොබාවික වරය වල පිහිටුමක් තිකුණාමලය ,හම්බන්තොට වෙනි වෙරල බද පෙදෙස් වල දක්නට ලැබේ.2008 මේද බාගයේ පමණ ප්‍රසිද්දියට පත් වූ හම්බන්තොට පදෙසයේ උස්සන්ගොඩ නමැති පුරාණ වටිනාකමක් ඇති පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම්කරන ලද ලස්සන දෙකුම්කලු වෙරල පෙදසකි. මෙයට සංචාරකයන් ඇදි එන්නේ එහි සුන්දරත්වය විද ගෙනීමට ය.පහත උස්සන්ගොඩ රුප රාමු පෙළක් දිස්වේ.

0 comments:

Post a Comment

 
Ceylon © 2011 | Designed by Isuru Namal Gajanayake WISDOM PRO BLOG DEVELOPING TEAM, in collaboration with IJTS, මිහින්ලංකා|Mihinlanka and Movie Tickets